11 November 2025

logo

කොළඹ නගරයේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරකම් කිරීම් ඉහළට



කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පසුගිය නොවැම්බර් 08 සහ 09 යන දිනයන්වලදී පමණක් යතුරුපැදි 10ක් සහ ත්‍රීරෝද රථ 03ක් සොරකම් කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)