රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සැපයුම්කරුවන් රට හැරයාම නිසා ලබන වසරේදී ද රටේ උග්‍ර ඖෂධ හිඟයක් ඇති අවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ ලබන වසර වන විට මෙරට ඖෂධ හිඟයක් ඇති නොවන බවට ඉහත ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබුනද පවතින තත්ත්වය අනුව මේ වන විට ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වනු ඇති බවයි.
(colombotimes.lk)