Mark Zuckerberg ගේ Meta ආයතනය පසුගියදා දියත්කළ Threads සඳහා නවතම යාවත්කාලීන කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මෙම සමාජ මාධ්‍ය මෙවලමට Desktop එක හරහා පිවිසීමේ අවස්තාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
Elon Musk හිමිකාරිත්වය දරන X සඳහා අභියෝග කිරීමට Zuckerberg විසින් Threads හඳුන්වාදී තිබුණා.
ඒ අනුව ජංගම දුරකතනයෙන් පිවිසීමේ හැකියාව ලැබෙන පරිදි මීට මසකට පමණ පෙර Threads එළිදක්වීම සිදුකෙරුණා.
(colombotimes.lk)
