15 February 2025


පළාත් 03ක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වෙයි



පළාත් 03ක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වී ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් ක‍ළේ බස්නාහිර, නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සහ සියළු සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඒ සදහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන මස 3වනදා තෙක් එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවයි.

(colombotimes.lk)