06 July 2025

logo

වසර 70කට පසු ඉන්දියාවේ උපන් චීටා පැටවුන් මිය යයි



වසර 70කට පසු ඉන්දියාවේ උපන් චීටා පැටවුන් 4 දෙනාගෙන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ, කුනෝ ජාතික වනෝද්‍යානය තුළදීයි.

දුර්වල, අඩු බර සහ අධික ලෙස විජලනය හේතුවෙන් පැටවුන් මියගිය බව සඳහන්.

පසුගිය වසරේ අප්‍රිකාවේ සිට ඉන්දියාවට ගෙන ආ චීටා මවකට දාව මෙම පැටවුන් උපත ලබා තිබුණා.

මින් පළමු පැටවා පසුගිය අඟහරුවාදා දින මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කළා.

මේ හේතුවෙන් අනෙක් පැටවුන් තිදෙනා සමීපව නිරීක්ෂණය කරන ලෙස බලධාරීන් පශු වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

නමුත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 (ෆැරන්හයිට් අංශක 116) දක්වා ඉහළ යාම හේතුවෙන් එම පැටවුන්ගේද සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වුණා.

දිවි ගලවා ගත් අවසන් පැටවා විශේෂ සත්කාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද එරට මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව තුළ චීටා වඳවීමට ලක්ව තිබුණේ 1952 වසරේදීයි.

එම කාලය තුළ ඉන්දියාව් බහුලව පැවති චීටා දඩයම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබුණා.

චීටා සතුන් ජීවත් වූ වාසස්ථාන අහිමිවීමද මෙයට තවත් එක් හේතුවක් වනවා.
(colombotimes.lk)