නීති විරෝධී පිරමීඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1.5කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් තිදෙනා ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් 'ස්මාර්ට් වින්' නැමති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තිදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් වල්ලපට්ටා පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන බව සඳහන් කරමින් එක් පැළයක් සඳහා රුපියල් 30000ක් බැගින් තැන්පතුකරුවන්ගෙන් ආයෝජන ලෙස ලබාගෙන තිබෙන බවයි.
මෙම සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙසේ නීති විරෝධී ලෙස රට පුරා ජනතාවගෙන් ලබාගෙන තිබෙන තැන්පතු මුදල්වල වටිනාකම රුපියල් බිලියන 1.5කට අධික බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙන බවයි.
(colombotimes.lk)