නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්රව්ය ජාවාරම් කළ බවට සැක කරන යාත්රා 03කට ඇමරිකානු හමුදාව ප්රහාර එල්ල කර තිබෙනවා.
ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ එම ප්රහාරවලින් පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්රා 02ක සිටී පුද්ගලයන් 08දෙනෙක් සහ කැරිබියන් කලාපයේ යාත්රාවක සිටි පුද්ගලයන් 03දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
ඩොනල්ඩ් ට්රම්ප් පරිපාලනය සැප්තැම්බර් මාසයේ සිට කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ මත්ද්රව්ය බවට සැකකරන යාත්රාවලට ප්රහාර 40කට වඩා සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
