01 September 2025

logo

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට දැඩි ආරක්ෂාවක්



කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා. 

එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයන්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මළු සහ පුද්ගලයන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළුවීමට හැකියාව පවතිනවා. 

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි. 

(colombotimes.lk)