ඉහළ යන පොල් මිලට සහ පොල් හිඟයටද පිළියමක් ලෙස වෙළෙඳපොළේ අලෙවි කරන පිටිකිරි හෝ පැකට් කළ දියර පොල් කිරි භාවිතයට යොමු වන ලෙස පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ පොල් පරිභෝජනයෙන් 60%කට වැඩි ප්රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවත්, පිටි කළ පොල් කිරි හෝ ඇසුරුම් කළ දියර පොල්කිරි භාවිතයෙන් පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳාගත හැකි බවයි.
අද වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්රදේශවල ද පොල් ගෙඩියේ ප්රමාණය අනුව මිල තීරණය කිරීම සිදු වනවා.
(colombotimes.lk)