පසුගිය වසර 10ක කාලය තුළ මෙරට දුම්වැටි අලෙවිය 50%කින් අඩුවී ඇති බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් සඳහන් කළේ වසර 10කට පෙර වසරකට දුම්වැටි මිලියන 4,800ක් පමණ අලෙවි වුවත් මේ වන විට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් පමණ ප්‍රමාණයක් බවයි.
කෙසේ වෙතත් දුම්කොළ සමාගමට වාසි ආකාරයෙන් බදු ප්‍රතිපත්තිය තීරණය වීම හේතුවෙන් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් පමණ වැඩි වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම පසුගිය වසර 5 - 6 ඇතුළත නිවැරදිව බදු තීරණය නොකිරීමෙන් රුපියල් බිලියන 100ක් පමණ අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)