16 July 2025

logo

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි



අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. 

එමෙන්ම සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදු වුණේ ද අද වැනි පොහොය දිනකයි.

බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදී ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද  ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබෙනවා. 

(colombotimes.lk)