11 July 2025

logo

2025 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 6 පසුකරයි



2025 වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වසරේ මේ දක්වා දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 613,728ක් බවයි.

මෙම මාසයේ පළමු දින 16 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 120,750ක්.

ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)