1978 අංක 01 දරන ටවර් හෝල් රඟහල පදනම පනත සංශෝධනය කිරීම සඳහා 2023-03-21 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාගත යුතු බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
1978 අංක 01 දරන ටවර් හෝල් රඟහල පදනම පනත සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම වෙනුවෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාතවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.