දිල්ලියේ වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා නව නීති මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වලංගු වායු දූෂණ පාලන සහතිකයක් නොමැති වාහන සඳහා දිල්ලි නගරයට ඇතුලුවීම සීමාකර ඇති බවයි.
මීට අමතරව වලංගු වායු දූෂණ පාලන සහතිකයක් නොමැති වාහන සඳහා ඉන්ධන ලබාදීම තහනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
එරට බලධාරීන් සඳහන් කළේ දිල්ලි නගරයේ වායු ගුණාත්මක දර්ශකය අයහපත් මට්ටමකට ළඟා වී ඇති බැවින් මෙම ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවයි.
(colombotimes.lk)
