19 December 2025

logo

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක



ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් ලෙස වාර්තා වී ඇති අතර එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. 

එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද සීමාවට වඩා 25 ගුණයකටත් වඩා වැඩි අගයක් බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙම මට්ටමේ වායු දූෂණයට නිරාවරණය වීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවයි. 

(colombotimes.lk)