18 December 2025

logo

මිලියන ගණනක් වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330ක් වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වරාය අධිකාරියේ සේවකයන් තිදෙනෙක් ද සැකකරුවන් අතර සිටින බවයි වාර්තා වන්නේ. 

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මෙම දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්වැටි 2,030,000ක් මෙලෙස සිය භාරයට ගත් බවයි. 

(colombotimes.lk)