18 December 2025

logo

ජලාශ කිහිපයක් වාන් දමයි



පවතින වර්ෂාපතනයත් සමඟ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ මේ වන විටත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. 

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතිනවා. 

මහවැලි අධිකාරිය සඳහන් කළේ මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදු විය හැකි බවයි. 

(colombotimes.lk)