21 July 2025

logo

නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා



නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
 
නානුඔය පොලීසිය සඳහන් කළේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වා සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බවයි.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස නානුඔය පොලීසියේ
රථවාහන අංශයේ නිළධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)