21 February 2025


ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළු වා​ර ප්‍රවේශපත්‍ර ලාභීන් ලංගම බස් රථවල ප්‍රවාහනය කළ යුතු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශපත් මිලදී ගත් පාසැල් දූ දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයන් ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

යම් කිසි බස් සේවක කණ්ඩා​යමක් ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)