22 November 2024


ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමාවන් ඉවත් කරයි



ඇමරිකානු පුරවැසියන් සඳහා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කර තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.

ඒ මෙම අනතුරු ඇඟවීම ඉවත් කරන ලෙස මෙරට විදේශ අමාත්‍යංශය ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සිදු කළ ඉල්ලීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඇමරිකානු තානාපති කාර්යාලය මීට අදාළව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙරට සිටින සිය පුරවැසියන් තවදුරටත් විමසිලිමත්ව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම යම් අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම් ඉවත් විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.   

(colombotimes.lk)