17 January 2026

logo

ට්‍රම්ප් නව බදු පැනවීමට සැරසෙයි



ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ තම වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කරන රටවලට නව තීරු බදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළ බවයි. 

නමුත් නව තීරුබදු පනවන රටවල් සහ එම රටවල්වලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෙළිකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් මේ වන විට සිය විරුද්ධත්වය පළ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යාවශ්‍ය බව ට්‍රම්ප් පැවසූ බවයි.

එමෙන්ම එය පහසුවුවත් අපහසුවුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ට්‍රම්ප් අවස්ථා රැසකදී ප්‍රකාශ කර තිබෙනවා. 


(colombotimes.lk)