17 January 2026

logo

හැටන් ස්ටැඩන් වතු රක්ෂිතයේ අක්කර 10ක් විනාශ වෙයි



හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතුයායේ තේ කර්මන්තශාලාවට ඉහළින් වූ ඉලුක් සහිත රක්ෂිතයේ ඊයේ (16) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

වතු පාලන අධිකාරිය සඳහන් කළේ එලෙස හටගත් ගින්න හේතුවෙන් අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබෙන බවයි. 

එමෙන්ම එම ගින්න රොසැල්ල සහ හැටන් දුම්රිය මාර්ගය ආසන්නයටද පැතිරි ගොස් තිබෙනවා.



(colombotimes.lk)