17 January 2026

logo

සීනි නිෂ්පාදනයේ අඩුවීමක්



මෙරට සීනි නිෂ්පාදනය පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ 2025 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස 9ක කාලය තුළදී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 56,992ක් දක්වා පහත වැටී ඇති බවයි. 

ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුළ සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 17,978කින් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2025 වර්ෂයේ මුල් මාස 9 තුළ මෙරටට සීනි මෙට්‍රික්ටොන් 556,359ක් ආනයනය කළ බවයි.

2024 වසරේදී සිනී මෙට්‍රික්ටොන් 470,166ක් ආනයන කර තිබෙනවා.

(colombotimes.lk)