17 January 2026

logo

මුල් දින 15 තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන මෙන්න



2026 වසර ආරම්භ වූ පළමු දින 15 තුළ සංචාරකයන් 131,898දෙනෙක් මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
 
එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 15වනදා සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි බවයි.

එදින මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 10,483ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. 

එමෙන්ම මේ දින 15 තුළ වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන අතර එම සංඛ්‍යාව සඳහන් වන්නේ 23,786ක් ලෙසයි.  

ඊට අමතරව රුසියාවෙන් 14,785දෙනෙක්, එක්සත් රාජධානියෙන් 12,166දෙනෙක් සහ ජර්මනියෙන් 9,260දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)