ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
ඒ ඉරානය සමඟ වෙළඳාම් අඛණ්ඩව සිදු කරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින්.
කෙසේ නමුත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර එය 25%ක පමණ අගයක් වියහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකාව සඳහන් කළේ ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේදී සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙම නියෝගය ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)
