තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න හමුවී තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.
එහිදී තුර්කිය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා තුර්කි රජයේ සහයෝගය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් සකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතිකමය සහයෝගිතාව ගොඩනැඟීම සඳහා තුර්කි සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)