කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ එම ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන්.
අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි.
ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)