08 February 2025


සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්



සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.

ඊට අදාළ අවසන් වාර්තාව මාර්තු මස 31වන දින ලැබීමට නියමිතව තිබෙන බව මෙම උපදේශක කාරක සභා රැස්වීමේදී නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය  වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයන් 8,435 දෙනෙක් ස්ථිර කර ඇති බවද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

(colombotimes.lk)