08 February 2025


විදුලිසැර වැදීමෙන් අවුරුදු 07ක දරුවෙක්ට දිවි අහිමිවෙයි



පුලියන්කුලම පොලිස් වසමේ පලෙයිවාඩි ප්‍රදේශයේ දරුවෙක් ඊයේ (07) විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පලෙයිවාඩි පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 07ක දරුවෙක් එලෙස මියගොස් ඇති බවයි.

ඔහු ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)