04 July 2025

logo

චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමරිකාව සහ ජපානය එක්වෙයි



චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමරිකාව සහ ජපානය එක්ව සටන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම ඇමරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බවද ජපානය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව ජපාන අගමැති  ෂිගේරු  ඉෂිබා ඇමරිකාවේ  නිල සංචාරයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවන විදේශීය නායකයා ඔහු බවත් විදෙස් වාර්තාවල සඳහන් වනවා.

(colombotimes.lk)