කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් තිබූ දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේදී නවත්වා ඉන් ඉවත්ව ගිය දුම්රිය රියදුරාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
අදාළ රියදුරු තමාට අසනීප බව පවසා කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් දුම්රියේ සිටි මගීන් 500කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)