13 June 2026

logo

මානුෂීය ආධාර රැගත් මෙක්සිකෝවේ බෝට්ටු 2ක් අතුරුදන්



මෙක්සිකෝවේ සිට කියුබාව බලා ගමන් කරමින් තිබූ මානුෂීය ආධාර රැගත් යාත්‍රා 02ක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ ආහාර සහ වෛද්‍ය ආධාර රැගෙන යමින් තිබූ මෙම යාත්‍රා සමඟ පැවති සන්නිවේදන සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි.

ඒ අනුව මේ වන විට මෙක්සිකානු නාවික හමුදාව සාමාජිකයන් 09දෙනෙක්ගෙන් සමන්විත එම යාත්‍රාව සොයා කැරිබියන් මුහුදේ සෝදිසි මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා.


(colombotimes.lk)