16 August 2025

logo

කෝටි 05ක ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි



රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ඊයේ (15) සවස් කාලයේ වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එහිදී කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. 

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

(colombotimes.lk)