බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නාගොඩ පොලිස් වසමේ උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේදී ඊයේ (14) සවස මෙම අනතුර සිදු වූ බවයි.
අනතුරින් බස් රථයේ රැගෙන ගිය සැකකාරියන් දෙදෙනෙක් බස් රථයේ රියදුරු හා තවත් බන්ධනාගාර නිලධාරියෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)