09 July 2025

logo

පාකිස්ථානයේ ඉස්ලාමීය දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්



වයඹ දිග පාකිස්ථානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් ඉස්ලාමීය ආගමික නායකයෙක් ඇතුළු තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බව එරට ආරක්ෂක අංශ පවසනවා.

අබ්දුල්ලා නදීම් නැමති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් බරපතල තුවාල ලබා තිබෙන  බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)