31 March 2025


නීතිපති ගත් තීරණයකට එරෙහි අභියාචනා පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවරු දෙදෙනෙක් ඉවත්වෙයි



හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට තිබූ චෝදනාවක් ඉවත් කර ගැනීමට නීතිපති ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු දෙදෙනෙක් අද (28) ඉවත්වී තිබෙනවා.

තරුණයන් 11දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව අදාළ චෝදනා ගොනුකර තිබූ බවයි වාර්තා වනේ.

අදාළ පෙත්සම අද (28) ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු පෞද්ගලික හේතුන් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.

(colombotimes.lk)