ගංවතුරෙන් ගසාගෙන ගිය වල් අලින් දෙදෙනෙකු කිරිඳි ඔයට වැටී, වේල්ලක සිරවී දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
කුඩාඔය, තුලුල්ල ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ඊයේ මෙම මළ සිරුරු ගොඩගනු ලැබුවා.
ප්‍රදේශවාසීන්ගේ තොරතුරක් මත එම ස්ථානයට පැමිණි වනජීවී සංරක්ෂණ නිලධාරීන් බැකෝ යන්ත‍්‍රයකින් මළ සිරුරු ඉවුර මතට ගෙන ගොස් තිබෙනවා.
වනජීවී නිලධාරීන් පැවසුවේ එක අලියෙකු එකක් අඩි හයක් උසැති අතර වයස අවුරුදු 30ක් පමණ වන බවත් අනෙක් අලියා අඩි හයක් උසැති වයස අවුරුදු 25ක් පමණ වන බවයි.
(colombotimes.lk)