13 August 2025

logo

යාපනයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී කොටුවෙයි



යාපනය හා ඉන්දියාව අතර මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේ තමිල්නාඩූ කරෙයිකාල් ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තමිල්නාඩු කරෙයිකාල් පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සන්තකයේ තිබී හෙරොයින් හා කේරළ ගංජා විශාල ප්‍රමාණයක්ද ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලක්ද තමිල්නාඩු පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ක් හා 28ක් වන යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

(colombotimes.lk)