13 August 2025

logo

තවත් වනඅලි සිරුරු දෙකක් හමුවෙයි



කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී ඊයේ (09) වනඅලි සිරුරු දෙකක් හමුවී තිබෙනවා.

කහටගස්දිගිලිය පොලීසිය සඳහන් කළේ එම වනඅලි දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මියගොස් ඇති වනඅලි දෙදෙනාගේ එක් අලියෙක් වයස අවුරුදු 08ක් පමණ වන ගැහැණු සතෙක් වන අතර අනෙක් අලියා වයස් අවුරුදු 04ක් පමණ වන පිරිමි සතෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ගැහැණු වනඅලියා දින 15කට පෙරත්, පිරිමි වනඅලියා මාස එකහමාරකට පෙරත් මියගොස් ඇති බවයි.

වනඅලි සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලවැව වනජීවී පශු වෛද්‍ය නිලධාරියා විසින් සිදු කර තිබෙනවා.

(colombotimes.lk)