වසර 27කට පෙර රාජාංගණයේදී පුද්ගලයෙක් ඝාතනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනෙක් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ උතුරු මැද පළාත්බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනොජ් තල්ගොඩපිටිය කළ නියෝගයකට අනුවයි.
රාජාංගණයේ පදිංචිකරුවන් වන දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා සහ කේ. වසන්ත කුමාර නැමති විත්තිකරුවන් දෙදෙනාව මෙසේ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම නිසා චූදිතයන් නිදොස් කොට නිදහස් කළ බවයි.
(colombotimes.lk)