15 May 2026

logo

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්



කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙක් දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙක්ට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. 

ඒ ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ව මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)