16 October 2025

logo

නීති විරෝධීව පරවියන් 150ක් ගෙනා සැකකරුවන් දෙදෙනෙක්ට වැඩ වරදියි



විදෙස් රටක සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ පරවියන් 150දෙනෙක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ කල්පිටිය ප්‍රදේශයේදීයි. 

කල්පිටිය කිඹුල්බොක්ක ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම සැකකරුවන් සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා කළා. 

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 27 සහ 39යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ. 

එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පරවියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)