එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
එහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ මහා ලේකම් තලතා අතුකෝරල විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පවතින සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ද උන්වහන්සේගේ ආශීර්වාද ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)