13 May 2026

logo

ඇමරිකානු ජනපති අද චීනයට



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශකයකට ආසන්න කාලයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙක් චීනයේ සිදු කරන පළමු සංචාරය මෙය බවයි. 

මෙය ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)