Verizon Communications Inc, AT&T Inc සහ T-Mobile US Inc යන සමාගම්වල කොටස් ඊයේ (02) කඩා වැටීමට ලක්වුණා.
ඒ, Amazon.com විසින් එහි US ප්‍රයිම් සාමාජිකයින්ට පහසු මිලට රැහැන් රහිත සේවා ලබා දීමට ගත් තීරණයත් සමඟයි.
ඒ අනුව ඔවුන් මේ පිළිබඳව එක්සත් ජනපද ටෙලිකොම් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ හරහා Amazon ප්‍රයිම් සාමාජිකයින්ට මසකට ඩොලර් 10 හෝ ඊට අඩු මිලකට රැහැන් රහිත සේවා පිරිනැමිය හැකි බවයි Bloomberg News මාධ්‍ය ජාලය වාර්තා කළේ.