13 December 2025

logo

උදයංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි



රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම මීළඟ නඩු වාරය දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානා 7ක් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා. 
 
එම ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් ලෙස ගණන් බලා තිබෙනවා. 
 
මෙම චෝදනා හේතුවෙන් උදයංග වීරතුංගට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.
(colombotimes.lk)