04 July 2025

logo

සමරිසි ක්‍රියා සඳහා මරණ දණ්ඩනය ලබා දීමට තීරණයක්



සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ලබාදෙන නීතියකට, උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේණි විසින් අත්සන් තබා තිබෙනවා. 

අදාළ යෝජනාව පසුගිය මාර්තු මාසයේදී එරට පාර්ලිමේන්තුව මඟින් සම්මත කර තිබුණා. 
 
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 389න් දෙදෙනෙකු හැර සෙසු සියලුදෙනා යෝජනාවට කැමැත්ත පළකර තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
ඒ අනුව ඇතැම් සමරිසි ක්‍රියා සඳහා මරණීය දණ්ඩනය ද සමරිසි ක්‍රියාකාරකම් සඳහා බඳවා ගැනීම ප්‍රවර්ධනය සහ අරමුදල් සැපයීම සඳහා වසර 20ක් දක්වා සිරදඬුවමක් ද ලබා දීමට නියමිතයි.
(colombotimes.lk)