22 March 2025


යුක්රේන - රුසියා සාකච්ඡා ලබන සතියේදී



ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන යුක්රේනය හා රුසියාව අතර සාකච්ඡා ලබන සතියේ සෞදි ආරාබියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන සතියේ සෞදි ආරාබියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනය සහ රුසියාව තම සහභාගීත්වය තහවුරු කර තිබෙන බවයි.

ඒ අනුව ලබන සඳුදා එම සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදි අර්ධ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම කළු මුහුදේ වෙළඳ නෞකාවන්හී ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදි වැඩි අවධානයක් යොමුකරන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාව යුක්රේන නියෝජිතයන් පළමුව හමුවී පසුව රුසියා නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)