31 March 2025


යුක්රේනයේ සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලයි



තම දේශයට සාමය උදාකර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ඉල්ලීම කර ඇත්තේ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක එරට ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් යුක්රේන ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදීයි.

එරට ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී ද්විපාර්ශවික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ යුක්රේනයට සාමය ගෙන ඒම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

(colombotimes.lk)