15 February 2025


එක්සත් ජාතික පක්ෂයට නව උප සභාපතිවරයෙක්



එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායකව පත් කර තිබෙනවා.

ඒ ඊයේ (14) පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර තිබෙනවා.

නවීන් දිසානායක මීට පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරයේද කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)